කුරුණෑගල රෝහලට අමතරව රජයේ රෝහල් 9ක ජේයෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් 13 දෙනකු
සංවිධානාත්මකව වඳ සැත්කම් සිදු කළ බවට
සාධක ලැබී ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසිය.ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (19දා) ‘ජාතික සමඟි බලවේගය' සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

මෙම සම්මන්ත්‍රණය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි. කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට ඇමැතිවරුන් දෙදෙනකු කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

-දෙනගම ධම්මික රණවීර-