https://www.gossiplankanews.com/2019/06/6deaths-kilinochchi.html
කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසලදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක් රථයක් යාල්දේවි දුම්රියේ
ගැටීම හේතුවෙන් යුද හමුදා සෙබළුන් 6 දෙනකු මියගොස් තවත් සෙබළෙකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් වාර්තා විය.

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසල පිහිටි යුද හමුදා රෝහලේ සිට සෙබළුන් 7 දෙනකු රැගත් ට්‍රක් රථය කිලිනොච්චිය නගරය දෙසට ගමන් කර තිබේ. දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි 55 මංසන්ධිය අසල දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ට්‍රක් රථය

හැපී ඇති බව පොලිසිය පවසයි.

ට්‍රක් රථය දුම්රියේ ගැටීමෙන් එහි ගමන්ගත් සෙබළුන් සිවුදෙනකු එම ස්ථානයේම මියගොස් ඇති බවත් බරපතළ තුවාල ලබා සිටි තවත් සෙබළුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ටිකකින් තවත් සෙබළකු මියගොස් ඇති අතර අද උදෑසන වාර්තා වූයේ දෙවැනි සෙබළාද මියගිය බවයි.

තුවාල ලබා ඇති අනෙක් සෙබළාගේ තත්ත්වයද බරපතළ බව රෝහල් බලධාරීහු පැවැසූහ.
ට්‍රක් රථයේ රියැදුරු දුම්රිය නොදැකීම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට මුහුණදුන් සියලුම
සෙබළුන් කිලිනොච්චිය යුද හමුදා රෝහලේ රාජකාරියේ නිරත සෙබළුන් බවත් පරීක්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
මියගිය අය අතර යුද හමුදා වෛද්‍ය බළකායේ තිදෙනකු, යුධෝපකරණ බළකායේ අයකු සහ ශ්‍රී  ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සෙබළකුද සිටි බව පොලිසිය පැවැසීය.