https://www.gossiplankanews.com/2019/05/wesak-poya-day-incident.html
වෙසක් පුන් පොහෝය දා රාජාංගනය යාය 02 දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයට  බීමත්ව පැමිණි පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමියන්ට පොරවකින් පහරදී තුවාල සිදුකර ඇති අතර එම පුද්ගලයා අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ

රාජාංගනය යාය 02 ප්‍රදේශයේ පදිංචි ගෙවතුවල කුලී පදනම මත ගස්කපන පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාගේ පොරෝ පහරින් තුවාල ලැබූ දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, පුජ්‍ය මාමාන්කඩවල ධම්මසිරි හිමියන් බරපතල තුවාල ලබා රාජාංගනය යාය 05 රෝහලට ඇතුළත් කර තිබේ.

පොහෝ දින රාත්‍රී 8.00ට පමණ බීමත්ව යතුරු පැදියකින් විහාරස්ථානයට පැමිණි මෙම පුද්ගලයා තමන්ට ධාතු මන්දිරයට ගොස් වැද පුදා ගැනීමට අවසර ලබා දෙන්නැයි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා ඇත. එම අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බැවින් විහාරාධිපති හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව නිවස බලා ගිය මෙම පුද්ගලයා නැවත රාත්‍රී 08.30ට පමන විහාරස්ථානයට පැමිණ ධාතු මන්දිරයට ගොස් වැද පුදා ගැනීමට හිමියන්ගෙන් අවසර ඉල්ලා ඇත.

හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඉන් කෝප වූ ගස්කපන්නා ඉණේ සඟවා සිටි පොරොවෙන් හිමියන්ට පහරදී තමා පැමිණි යතුරුපැදියද විහාරස්ථානයේ දමා පලා ගොස් තිබේ.

එම අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ගස්කපන්නාගෙන් විහාරාධිපති හිමියන් බේරා ගෙන රෝහල් ගත කොට ඇත.

සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ අතර තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.