https://www.gossiplankanews.com/2019/05/wayaba-curfew.html
Tuesday
7am update
වයඹට හැර අනෙක් ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත්වේ

දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද 14 අළුයම 4.00ට අවසන් විය. ගම්පහ පොලිස් කොට්ඨාසයට බලපැවැත්වෙන ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද 14 උදෑසන 6.00ට අවසන් විය.
නමුත් වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.
------------------------
Monday
8pm update
රටේ පවත්නා ‌නොසන්සුන් තත්වය ‌හේතු ‌කොට ‌ගෙන මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිිිිදි අද රාත්‍රී 9 සිට ‌හෙට උදෑසන 4 දක්වා ‌පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
7.30pm update
 ගම්පහ පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි 14 වන දින පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගස්මුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය,
පන්වෙල, යක්කල යන පොලිස් වසම්වලට බලපැවැත්වෙන පරිදි වහාම පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.
එසේම 
වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටද පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

මතුව ඇති තත්ත්වය

සැලකිල්ලට ගෙන පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඊයේ කුලියාපිටියේ ඇතිවූ සිදුවීම් අද උදෑසන පහව යනු ඇතැයි අපේක්සා කළද කුරුණෑගල දිස්ත්‍රික්කයේත් පසුව වයඹ පළාතේ ස්ථාන ගණනාවකත් නොසන්සුන් තත්වයන් වර්ධනය වීම නිසා මෙම ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්පහද කලබල සිදුව ඇත. පොලිසිය මෙම සිදුවීම් විස්තර කර නැත.