විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නේය.
මීට අමතරව
තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනයක් ද කර ඇති අතර ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතට ග‍්‍රාමීය ආර්ථික කටයුතු විෂය ද පවරනු ලැබ තිබේ.
                      
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ  ධීවර හා ජල සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ පී. හැරිසන් මහතා කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

(ඩයනා උදයංගනී)