පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සලකා රාජ්‍ය ආයතන සහ පාසල් ඇතුළු වැදගත් ස්ථාන ආරක්ෂා කිරීම සඳහා සේවය හැරගිය පොලිස් නිලධාරින් නැවත සේවයට එක් වීමට සූදානම්
බව ඊයේ (28) කළ
විමසීමකදී සේවය හැරයෑමේ නියෝග ලබා සිටි පොලිස් නිලධාරින්ගේ එකමුතුවේ කැදවුම්කරු ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා සදහන් කළේය.

මේ වනවිට දිවයින පුරා සේවය හැරයාමේ නියෝග ලබා  සිටින පොලිස් නිලධාරින් 6,500ක් පමණ සිටින බවත් ඔවුන් සියලු දෙනා හදිසි තත්වය මත නැවත සේවයට එක්වීමට කැමති බවත් ඒ මහතා පැවසීය. එසේම මෙම පිරීස සේවය හැරගියේ පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් ආකාරක්ෂමතාව හේතුවෙන් බවත් නොඑසේව විනය විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී බවත් එහෙයින් පවතින තත්වය මත ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් සේවය හැරයෑමේ නියෝග ලබා සිටි පොලිස් නිලධාරින්ගේ එකමුතුවේ කැඳවුම්කරු ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා සඳහන් කළේය.

-දිනුක මලින්ද හේරත්-