ජාතික තව්හිද ජමාද් සංවිධානයට නිර්මාණය කළේ කවුරුන්ද යන වග අවශ්‍ය විටදි හෙළි කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ රන් මාවත් සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත රත්නපුර දිස්ත්‍රික්කයේ
ගබ්බෙල සිට කලල්ඇල්ල
අම්බලන්වත්ත මාර්ගය රුපියල් මිලියන 500ක වියදමින් කාපට් අතුරා නිම කිරීමට යෝජිත ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට පෙරේදා (12) දිනයේ එක් වෙමිනි.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය.

“අමතක කරන්න එපා, අපි රට හාරගත්තේ මිලියන දහ දාහකට වැඩි ණයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතුරු කරලා ගිය වෙලාවක.  ආරක්ෂක ලේකම්ලා හිටියා තමයි. ඒ අය ගැන අපි ඉදිරියට කියනවා. මොකද ඒ අය එනකං තමයි අපිත් ඉන්නේ තරග කරන්න. තරග කරන වෙලාවට අපි ඒ අයගෙ විස්තර කියන්නම්. මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාත් සංවිධාන හැදුවේ කව්ද, මේව පැටව්  ගැහුවේ කොහොමද, මේවට මුදල් දුන්නෙ කවුද, මේවා ඔක්කොම හරි වෙලාවට එළි කරන්නම්. අපි ශිෂ්ඨසම්පන්න රටක් හදන්න, යහපාලනය තුළින් පක්ෂ භේදයක් හෝ වෙනත් කිසිම භේදයක් නැතුව හැමකෙන්නෙකුටම හොඳින් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා."