කොළඹ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක හදිසියේ රෝගි වී කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ජාඇල  පොලිසිය කියයි.  මෙසේ මියගොස් ඇත්තේ ජාඇල
කපාලකද්දේ රෝලන්ඩ්පාක්හි පදිංචි ලොසානි කලුවිතාරණ නමැති 14 හැවිරිදි දැරියකි.

මියගිය සිසුවියගේ නිවුන් සහෝදරිය පවසා සිටියේ තමන් සමඟ පෙරේදා (21) පෙරවරුවේ පාසලේ පන්තියට යාමට පියගැටපෙළ නගිමින් සිටි නැගණියගේ පපුව ප්‍රදේශය රිදෙන බව පැවසූ බවත් පසුව පන්ති කාමරයට
ගොස් මේසයට  හිස තබාගෙන ටික වේලාවක් සිටි බවත් ඇයට සිහි නැති වූ නිසා ඒ බව ගුරුවරියකට පැවැසූ බවත් පසුව ගුරුවරුන් දෙදෙනකු එම සිසුවිය කොළඹ රිජ්වේ ළමා රෝහලට රැගෙන ගොස් ඇතුළත් කිරිමෙන් පසු සිසුවිය මියගිය බිවත් රෝහල් ප්‍රකාශකයෙක් කිය.

මේ සම්බන්ධයෙන් මියගිය දැරියගේ පියා වන මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයකු වන චාමර
කලුවිතාරණ මහතා මෙසේ කීය.

මෙම සිද්ධිය වූ දින සුපුරුදු පරිදි නිවුන් දියණියන් පාසල් වෑන් රියෙන් පාසලට ගෙන ගියා. මියගිය දියණිය කිසිදු රෝගී තත්වයක් පෙන්නුම් කළේ නැහැ. ඇය මීට පෙර අවස්ථාවක පෙනහැල්ලේ අධික රුධිර පීඩනයට කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ගෙන තිබෙනවා.

මා රාජකාරි කටයුත්තකට පෙරේදා පෙරවරුවේ රාජගිරියට යමින් සිටියදී මගේ බිරිය කතා කර
කීවා දුව අසනීප වී සිටින නිසා රැගෙන යෑමට පාසලට එන්නැයි දැනුම් දුන්නට බව. පසුව මා පාසලට කතා කර දරුවා හැකි ඉක්මනින් රෝහලට රැගෙන යන ලෙස ඉල්ලා සිටියා. පසුව 7.50ට පමන ගුරුවරුන් දෙදෙනකු දරුවා රැගෙන රෝහලට ගිය බව පසුව දැනගත්තා.