වැල්ලවාය හඳපානාගල වැව ඉස්මත්තේදී රුපියල් අසූදහසක් වටිනා එළගවයන් දෙදෙනකුට ගිනි අවියකින් වෙඩි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්
සැකකරුවන් වැල්ලවාය හඳපානාගල ඇහැලියගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22-30 අතර පසුවන්නන් බව අනාවරණය වී තිබේ.

ඉකුත් 13 දා රාත්‍රි 7.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිසිය කියයි. හඳපානාගල පුබුදුවැවගම කිරිගෙදර ලිපිනයේ පදිංචි කිරි ගොවියෙකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා හා ගිනි අවිය ඊයේ (19) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණවීමට නියමිතව තිබුණි.