පූනානි හි පිහිටි ශරියා විශ්ව විද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නැමැති ආයතනය සඳහා උපාධි
පාඨමාලා පැවැත්වීමට

කිසිඳු අවසරයක් ලබා දී නැතැයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පැවසුවේ එවැනි ආයතනයක් උපාධි පාඨමාලා පැවැත්වීමට අවසර ඉල්ලීමක් ද කර නොමැති බවයි.

වරින් වර සංශෝධිත 1978 විශ්ව විද්‍යාල පනත අනුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ, රාජ්‍ය විශ්ව විද්‍යාල 15 හි අධ්‍යාපනය සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ ඒවායේ පරිපාලනය විධිමත් කිරීම පමණක් බව ද මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.