මූතුර් රාල්කුලි ප්‍රදේශයේදී මහවැලි ගඟේ පෙරේදා (28දා) දහවල් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි සිවුදෙනෙකු හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ටී ෂර්ට් පැලඳ සිටි පිරිසකට බිය වී මහවැලි ගඟට පැන්න
අවස්ථාවේදී ඉන් එක්
අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි මූතුර් පොලීසිය පවසයි.

 මූතුර් පෙරියපාලම් හාදියාර් මාවතේ පදිංචි ලතීෆ් මොහාමදු සහරාන් (24) නමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු තිදෙනා පිහිනා ගොඩට විත් ඇති අතර අනතුරුව කැලෑ ඇඳුම්වලට සමාන ටී ෂර්ට් පැලඳ සිටි පිරිස දක්නට. නොලැබුණු බව පොලීසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවි බේරා ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර  මළ සිරුර මූතුර් රෝහලේ තැන්පත් කර තිබේ.

මුතුර් පොලීසිය සිද්ධිය පිළිබඳ  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව