මත්කුඩු පානය කරමින් සිටි පුද්ගලයකු විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව වැලිකඩ පොලීසිය පවසයි.

මෙලෙස බරපතළ තුවාල ලබා
ඇත්තේ ලාල් ජයතිලක නමැති කොස්තාපල්වරයෙකි. ඔබේසේකරපුර සර්වෝදය මාවත නිවසක් තුළ පුද්ගලයෙකු මක්කුඩු පානය කරන බවට ලද තොරතුරක් මත වැලිකඩ පොලීසියේ විෂ මන්ද්‍රව්‍ය හා වැටලීම් ඒකකය සැරයන්වරයකුගෙන් යුතු කණ්ඩායමක් එම නිවස සොයා ගොස් ඇති අතර, එහිදී පොලිස් කණ්ඩායමේ සෙසු නිලධාරීන් එම නිවස ආසන්නයේ රැකවල්ලා සිටියදී තුවාල ලද කොස්තාපල්වරයා නිවස තුළට ගොස් සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කළ බවත්, එහිදී සැකකරු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවත් පොලීසිය පවසයි.

 එම අවස්ථාවේ සැකකරුට පලා යෑම සදහා ආධාර අනුබල දීම සම්බන්ධයියන් එහි සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.