ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවිනසාගත් දෙදෙනාගෙන් එක් අයෙකු මොහොමඩ් සහරාන්ද යන සැකය ඊයේ ලැබුණ රසපරීක්ෂක ඩීඑන්ඒ වාර්තා අනුව තහවුරු වී ඇත.

සහරාන්ගේ දියණියගේ හා
නැගණියගේ ජීව අණු සමග සහරාන්ගේ හිසට අයතු අණු සැසඳීමෙන් මෙම නිගමනයට පැමිණ තිබේ.
ෂැංග්‍රිලා බෝම්බයෙන් දිවිනසාගෙන මියගිය අනෙක් පුද්ගලයා වූයේ ඉල්හාම් ඊබ්‍රාහිම්ය.සහරාන් පුපුරුවාගන්නා සීසීටීවී දත්ත නොලැබීමත් නායකයා මියනොයන්නෙය යන පූර්ව සැකයත් නිසා සහරාන් මියගියේද නැද්ද යන්න ගැන මුලින් සැකයක් පැවතිණි.