පසුගිය අප්‍රේල් 21 මීට හරියටම මාසයකට පෙර සිදුවූ බෝම්බ පිපුරුම් මාලාවෙන් පසු ශ්‍රී ලංකාව පුරා පැනනැගුණ භයංකර හා කැරළිකාර මානසිකත්වය මේ වනවිට බොහෝ දුරට පහව ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.
වෙසක් නිවාඩුවෙන් පසු අද 21 කොළඹ
ඇතුළු තදාසන්න පෙදෙස්වල පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වූබවත් පැමිණීම ඉහළ අගයකට පැමිණ තිබුණ බවත් වාර්තා විය.
ඊයේ 20 පොලිසිය මගින් කොළඹ 1-14 කලාපයේ සියලුම පාසල්වලට සුනඛයින් 16 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ නිලධාරීන් සෝදිසිය සඳහා යොමු කළ අතර ආරක්ෂාව තහවුරු කරන ලදි. මේ අතර හමුදාපතිවරයාද විශේෂ ප්‍රකාශයක් සිදු කර ආරක්ෂාව ගැන සහතික වූ අතර පාසල් සිසුන්ට බියවිය යුතු නැති බව දන්වා තිබුණි.