රුවන්පුර අධිවේගී මාර්ගයේ මැණීම් කටයුත්තක් සඳහා බව කියමින් කඩුගම්මුල්ල ප්‍රදේශයට ආ නාඳුනන තරුණ කණ්ඩායමක් කඩුගම්මුල්ල ගම්මානයේ ගල්වල සහ බොක්කුවල ඇඳ තිබු සලකුණක් හේතුවෙන් ජනතාව දැඩි කලබලයට පත්ව සිටිති.

නවීන ආම්පන්න රැගෙන පැමිණි මෙම පිරිස ප්‍රදේශයේ බෝක්කු පාලම් හා අවට විමර්ශනය කරමින් සැරිසරමින් පොළොවේ ද විවිධ සලකුණ දමා තිබූ බැවින් බියට පත් වූ ගැමියන් එම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ට හා පොලිසියට ද දැන්වීය. ඒ අනුව එම ස්ථානයට ආ ග්‍රාම නිලධාරීවරයා එම අයගෙන් ප්‍රශ්න කිරීමේදී 
පවසා ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගයේ ජල මට්ටම් සලකුණු කරන බවයි. එහිදි යොදා ඇති සලකුණ ගැනද තමන්ටද අවබෝධයක් නොමැති බට ග්‍රාමසේවා නිලධාරීවරයා පැවසිය.

පසුව කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති සුදත් බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලිසියේ කීපදෙනෙකු එම ස්ථානයට යොමු කිරීමට පොලිස් ස්ථානාධිපතිරයා කටයුතු කළේය. පොලිසිය පැමිණ එම තරුණ පිරිසගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ගයේ ගංවතුර මට්ටම සලකුණු කරන බවයි. එහිදී ඔවුනට පොලිසිය දැනුම්දී ඇත්තේ රට තුළ පවතින වතාවරණය සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ බලධාරීන්ට දැන්විය යුතු ද යන්න පිළිබඳවයි.

තමන් යම් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ  බලධාරීන් දැනුම්වත් කළ බවද එහිදී එම පිරිස පොලිසියට පවසා ඇත. මේ සම්බන්ධයෙන් අයගම ප්‍රාදේශීය ලේකම් නෙරංජ එස්. ජයකොඩි මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ කීය.  මෙම සිතියම් ගත කිරීම සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව දැනුම්වත් කිරීමක් කර නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් මුලින්ම කළ යුත්තේ ප‍්‍රදේශයේ වගකිවයුත්තන් දැනුම්වත් කිරීමයි. කෙසේ වූවද මැනුම් කටයුතු කරන මුවාවෙන් ගල්මත හා බොක්කුවල සිදුකර ඇති ඇතැම් සලකුණ කුමන සිතියම් වර්ගයකට අයත්ද යන්න ගැටලුවක් බව ප්‍රදේශවාසීහු කියති.මේ නිසා ගම්මානයේ බොහෝ පිරිසක් ද දැඩි බියකින් පසුවෙති.

-කපිල කුමාර-