මීට ඉහත දිවයින පුරා තැනින් තැන විදුලි බල කප්පාදුවක් සිදුවූ ආකාරයට නැවත වරක් පැයක්. පැය දෙකක් ආදී ලෙස කොළඹ හා තදාසන්න නගරවල  නිල නොවන විදුලි බල කප්පාදුවක් සිදුවන බවට ආරංචි ලැබෙමින් පවතී.

කෙසේ වෙතත් මන්ඩලය මෙය තහවුරු කර නැත. මීට ඉහත පාරිභෝගිකයින්ට නොදන්වා විදුලිය කැපීම නිසා මහජන උපයෝගිතා

කොමිසම මන්ඩලයට එරෙහිව නඩුද දමා තිබුණි.
මේ වනවිට පවතින වියළි කාලගුණය අතර  විදුලිය සදහා වන ඉල්ලුම යලිත් ඉහළ ගොස්  ඇති අතර
විදුලි බල ජලාශවල ජල මට්ටම අඩුවීමත් තිබිය දී නැවත විදුලි අර්බුදයක පෙරනිමිති පහළවී ඇත.
විදුලි බල ජලාශවල ජල මට්ටම මේ වන විට 30% ට අඩු පහළ මට්ටම දක්වා පහත බැස ඇත.
විදුලිය අඛණ්ඩව සැපයීම සදහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනු ලබන බවත්
ඒ හැර ඒෂියා පවර් සහ එස් පවර් යන පෞද්ගලික බලාගාරවලින් ද මෙගාවොට් 71 ක විදුලිය ප්‍රමාණයක් මිලට ගෙන ඇති බවත් විදුලි බල මන්ඩලය දන්වා තිබුනි
මේ අතර තුර්කි සමාගමක් සතු පාවෙන බලාගාරයකින් මෙගාවොට් 200 ක විදුලිය මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ තාක්ෂණ කමිටුව තවම සාකච්ඡා අවසන් කර නැත.