https://www.gossiplankanews.com/2019/05/ratana-thera-temple-of-tooth.html
ණ්ඩුකාර හිස්බුල්ලා,  ආණ්ඩුකාර අසාද් සාලි සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය ජනපති විසින් නෙරපා දැමිය යුතු බවත් ඒ සඳහා පැය 24 ක කාලයක් ලබාදෙන බවත් මින් ඉහත දන්වා තිබූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එසේ නොවුණොත්
මහපාරේ සිට ලංකාවේ පාලනය අරඹන බවට තර්ජනය කර තිබුණි.
කෙසේ වෙතත් එම අභියෝගයට ජනපතිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.

ඒ අනුව ඊයේ 30 සවස විශාල දෙයක් සිදුවනු ඇති බවට මාධ්‍ය මගින් අනතුරු හඟවා තිබුණි.
කෙසේ වෙතත් එවැන්නක් සිදු නොවූ අතර රතන හිමියන් පසුව පැවසුවේ සිය ප්‍රති ක්‍රියාමාර්ගය අද (31) ට කල් දැමූ බවයි. ඒ අනුව
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (31) මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළහ.
දළදා මාළිගය අසළ උද්‍යාන අංගනයේ හිමියන් තවත් පිරිසක් සමග මෙම උපවාසයේ යෙදෙනු ඡායාරූප වල දැක්වේ.