විශ්‍රාම ගැන්වුණු පොලිස් නිල සුනඛයින් හත් දෙනෙකු ඉකුත්දා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.

මෙසේ සේවයෙන්
විශ්‍රාම ගන්වා ඇත්තේ පුපුරණ ද්‍රවය ඉව කරන, මත්ද්‍රව්‍ය ඉව කරන හා ප්‍රහාරක වර්ගයේ නිල සුනඛයන් හත්දෙනෙකි.

තවත් පොලිස් නිල සුනඛයන් දසදෙනකු ලබන අගෝස්තු මාසයේදී විශ්‍රාම ගැන්වීමට නියමිත බව පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පැවැසීය.

පොලිස් නිල සුනඛ කොට්ඨායයේ සියලුම සුනඛයන් වසර  දහයක සේවා කාලයකින් පසු විශ්‍රාම ගන්වන බව කියන සෙනෙවිරත්න මහතා විශ්‍රාම ගන්වන සුනඛයන් අනතුරුව සුනඛ ලෝලීන් වෙත වෙන්දේසියේ විකුණන බව ද සඳහන් කළේය.