නීති විරෝධීව තබාගෙන සිටින කඩු කිනිසි ආදිය මෙන්ම ත්‍රිවිධ හමුදා පොලිස් නිල ඇදුම් සිවිල් ජනතාව සතුව ඇත්නම් ඒවා වහාම පොලිසියට භාර දෙන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දෙනවා.

නීති විරෝධී කඩු හා පිහි ආදිය තමන් සතුනම් ගැටලු තත්වයන්ට මුහුණ නොදී ඒවා
පොලිසියට භාරදිය හැකි බව පොලිසිය දන්වා සිටී.

ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඒවා ගෙනයන ලෙස පොලීසිය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. අද දින සිදු කළ මෙහෙයුම් වලදී විවිධ ස්ථානවල පිහියා හා කඩු හමුවීම නිසා මෙය ඉල්ලීමක් ලෙස සදු කරන්නට තීරණය කළ බවද පොලිසිය දන්වා ඇත.