පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා (6) දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම ශ්‍රේණිවල දරුවන්
සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු පමණක් ලබන සඳුදා (6) යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය මෙම ආරක්ෂක සැලසුම ක්‍රියාවට නංවා තිබේ.