https://www.gossiplankanews.com/2019/05/pig-muslim-issues.html
ස්ලාම් අය ඌරු මස් නොකන බවත් ඌරා දැඩි පිළිකුලෙන් සලකන සතෙකු බවත් දක්වන විවිධ අදහස් නිතර කතාවේ.ඉස්ලාම් දහම තුළ අල්ලාගේ ඉගැන්වීම් අනුව තහනම් හා එසේ නොවන
මාංශ වර්ග මොනවාද යන්න පිළිබඳව උගන්වා ඇති අතර කිසිම මාංශයක් අනිවාර්යෙන්ම අනුභව කළ යුතු බව පෙන්වා දී  නැත.
 ඒ අතරින් ඌරු මස් ආහාරයට ගැනීම අකැප බව  දක්වා ඇත. ඔවුන් දක්වන කරුණු මෙසේය.

“(ස්වභාවික ලෙස) මියගිය සතුන් ද රුධිරය ද ශුකර මාංශ ද

අල්ලාහ් නොවන දෑ හි නාමයෙන් කපන ලද දෑ ද ගෙළ මිරිකා මරණ ලද දෑ ද පහර දී මරණ ලද දෑ ද වැටී මරණයට පත් දෑ ද (තවත් සතෙකු විසින්) ඇන මරණයට පත් දෑ ද මාංශ භක්ෂකයෙකු විසින් (ගොදුරු කොට) සපා කන ලැබූ දෑ ද – (ඒවා අතුරින් පණ පිටින් සිටි සතුන්ගෙන්) නුඹලා විසින් නිසි ලෙස කැපු දෑ ද හැර – නැමදුම් කිරීමට සිටුවන ලද දැයට කැපු දෑ ද තවද ඊතල වලින් නිමිති සෙවීම ද නුඹලාට තහනම් කරන ලදී”. (අල් කුර්ආන් 5:3)
ඔවුන් ඌරුමස් නරක බවට පෙන්වාදෙන කරුණු මෙසේය.
ඌරු මස් අනුභවය හේතුවෙන් රෝගාබාධ රාශියකට මුහුණ පෑමට සිදුවන බව වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇත. පණු රෝග රාශියකට මෙය හේතුවන අතර මෙයින් පටිපනුවා (taenia solium) මගින් සිදුවිය හැකි හානිය ඉතා බරපතල එකකි. පටිපනුවා උදරයේ වැඩෙන අතර උගේ බිත්තර රුධිර නාල වලට ඇතුල් වී ශරීරයේ සියලු ඉන්ද්‍රියයන් වෙත යා හැක. මොළය හදවත ආදී වැදගත ඉන්ද්‍රියයන් හි බරපත රෝගාබාධ වලට මෙය හේතු වේ. ඌරු මස් උයන විට ඇති සාමාන්‍ය උෂ්ණත්වය තුළ මෙම බිත්තර විනාශ නොවන බව ද සොයාගෙන ඇත.

අනෙකුත් මාංශ සමග සැසඳීමේ දී ඌරු මස් හි ඉතා අධික මේද ප්‍රමාණයක් ඇති අතර මෙය අනුභව කිරීමේ දී රුධිර නාලයන්හි තැන්පත් වී අධික රුධිර පීඩන හා හදවත් රෝගයන් ඇතිවීමට හේතුවේ.
ඌරා ඉතා අපිරිසිදු සතෙකි. කසල ශෝධක සතෙකු ලෙස ඌරා දැක්වේ. අශුචි, කුණුවූ දෑ හා අනෙකුත් අපිරිසිදු දෑ ඌරා අනුභව කරයි. ඌරා තම අශුචි ද අනුභව කරන අතර වැසිකිලි පහසුකම් නොමැති ප්‍රදේශයන් හි එම කටයුත්ත කරනු ලබන්නේ ඌරන් විසිනි.
ඌරාගේ මුත්‍රා මගින් යුරික් අම්ලය පිටකරනු ලබන්නේ 2% ක් පමණි. ඉතිරි යුරික් අම්ල ප්‍රමාණය ශරීරයේ රැඳෙන අතර මෙම අධික යුරික් අම්ල ප්‍රමාණයක් ඇති මාංශය අනුභව

කිරීමෙන් හන්දි ඉදිමීමේ (gout) රෝගය ඇතිවීමට හේතු වේ.

“අප නුඹලාට සපයා දී ඇති දැයින් පිරිසිදු දෑ අනුභව කරනු. තවද එහි සීමාව නොඉක්මවනු” (අල් කුර්ආන් 20:81).
එහෙයින් අපිරිසිදු දැයින් වැලකී පිරිසිදු දෑ පරිභෝජනයට ගැනීමට ඉදිරිපත් වෙමු. වර්තමාන ලොව ඉතා අධික ඌරු මස් අනුභවයේ යෙදෙන කිතුනුවන්ට ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයේ මේ පිළිබඳ ව සඳහන් වන්නේ කුමක් ද යන්න විමසා බලමු. මෙම සමයාන්තර මතය ඉදිරිපත් කරන්නේ බුද්ධිමය කෝණයකින් දැක්මක් ඇතිකර ගැනීම අරමුණු කොට ගෙන මිස ආගම් විවේචනය සඳහා නොවන බව ඉතා කාරුණිකව දන්වා සිටින්නෙමි.

ඉස්ලාම් ආගමේ පමණක්  නොව  බයිබලයේ ද  ඌරා අපිරිසිදු සත්වයෙකු ලෙසින් දක්වා  තිබෙනවා .
“ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය.” (බයිබලය – ලෙවීගේ ව්‍යවස්ථාව 11:1-8)
ඉහත විස්තරයන්ට අනුව බයිබලයේ ඉගැන්වීම වනුයේ ඌරු මස් කිතුනුවන්ට කෑමට අවසර නොවන  එය අනුභව කිරීම දෙවියන්ගේ කෝපයට හේතුවක් වන බව පෙන්වා දී ඇත . නමුත් ඔවුන් විසින් උෟරු මස් අනුභව කිරීම පිණිස හේතුවක් ලෙසින් පෙන්වා දෙන්නේ පාවුළු තුමා විසින් රෝම වැසියන්ට යැවු ලිපියක අඩංගු කරුණුයි .

කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍රය.” (බයිබලය – රෝම 1
හින්දු  දහමේද යම් යම් කරුණු වලින් ඌරු මස්  සුදුසු නොවන බව පෙන්වා දී තිබේ .
බෞද්ධ සාහිත්‍ය  තුළද  සුකර මද්දව දානය පිළිබඳව සඳහන් වී තිබේ . ච්න්ද කම්මාර පුත්‍රයා විසින් සූකර මද්දව දානය  බුදුරජාණන්වහන්සේට පිළිගැන්වු බව සඳහන් වේ .