https://www.gossiplankanews.com/2019/05/ntj-07-nabbed.html#more
ම්බන්තොට ප්‍රදේශයේදී මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් හත්දෙනකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී
පෙරේදා (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්

පැවැසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ  මහ මොළකරු ලෙස හැඳින්වෙන සහ්රාන් හෂීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙනගොස් ඇත්තේ හෂීම්ගේ සොහොයුරකු විසින් යැයි නිලධාරියා කීය.

කලක් තිස්සේ හම්බන්තොට ප්‍රදේශයේ දී  මේම පිරිසට ඉතාම රහසිගතව අවි ආයුධ සම්බන්ධයෙන් සන්නද්ධ පුහුණුව ලබා දී ඇති ඇති බවත් මඩකලපුව සියොත් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් නසාර්  මොහොමඩ් අසාද් ඊට උපදේශනය සපයා ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එන්.පී කතුරිආරච්චි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් හැටියට කටයුතු කර ඇති මෙම පුද්ගලයන් හත්දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුවන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම පිරිසෙග් සම්බන්ධයක් තිබේ ද යන්නත් ඔවුන්ගේ ඉදිරි සැලැසුම් ගැනත් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.