මෙගන් මාර්කල් හා හැරී කුමරුට දාව බ්‍රිතාන්‍යයේ අලුත උපන් රාජකීය කුමරුට නම් තබා ඇති අතර
Archie Harrison Mountbatten-Windsor යන්න නම ලෙස තෝරාගත් බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

බිළිඳා ගේ රුව මුල්වරට ඊයේ ප්‍රසිද්ධ කිරීමෙන් පසු අද බ්‍රිතාන්‍ය මාධය සියල්ලම එය මුල් පුවත ලෙස දක්වා ඇත. මෙගන් මව හා සැමියා සමග ගොස් රැජිණට දරුවා පෙන්වූ අවස්ථාවද විශේෂ ලෙස මතුකර ඇත.
මෙගන්ගේ මංගල්‍යයට නොපැමිනි ඇමරිකාවේ සිටින පියා තොම්සන් මේ අවස්තාවේද එංගලන්තයට පැමිණීමෙන් වැළකුණ නමුත් ඇයට සුබපතා විශේෂ දැනුම් දීම් කර ඇත.
මේ අතර ඩේලි මේල් පුවත් වාර්තාවකින් පවසන්නේ බිළිඳාගේ නහය මෙගන්ගේ පියාගේ නහයට සමාන බවයි.