මේ රටේ තිබෙන්නේ බුද්ධාගම නොව බෞද්ධ දර්ශනයක්වත් මෙය නොදන්නා සමහරුන් චීවරදාරාගෙන බෞද්ධ දර්ශනය වවාගෙන කන බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් ඇමැතිවරයා
මෙසේ පැවැසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝගය හා විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදිය.

මංගල සමරවීර මහතා මෙසේද කීය. මේ රටේ බහුතරය බෞද්ධයන් බව ඇත්ත නමුත් මේ රට ශ්‍රී ලාංකිකයන්ගේ දේශයයි. මම  ඒක නැවතත් කියනවා.

මේ රටේ තියෙන්නේ බුද්ධාගම නොවෙයි බෞද්ධ දර්ශනයක් තියෙන්නේ, මෙය නොදන්නා සමහරු ඒක දාගෙන බෞද්ධ දර්ශනය වවාගෙන කනවා.කුරානයේ තියෙන්නේත් සාමයයි. වෙන දෙයක් නොවෙයි. අද මේ විශ්වාසභංග යෝජනා ගේන්නේ රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයාට නොවෙයි මුස්ලිම් ජනතාවට විරුද්වධයි.

මමත් බෞද්ධයෙක්. අයවැයෙන් පන්සල්වලට වැඩිම මුදල වෙන් කළේ මමයි. බංකොළොත් දේශපාලන පක්‍ෂ රටේ නැවත කළුජූලියක් හදන්න යනවා. මේවා පහත් වැඩ. මේ රටට ඕන ජාතික සමගියයි.