අද (22) සවස 5.00 ට පමණ අකුරැස්ස පොලිස් වසමේ ඌරුමුත්ත ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පොලිස්
නිලධාරියකුට
වෙඩි වැදී බරපතල තුවාල ලබා කඹුරුපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මියගිය නිලධාරියා වයස අවුරුදු 30ක්වූ කොළඹගේවත්ත, දිද්දෙණිය, කනංකේ ලිපිනයේ පදිංචි අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කලහගේ ලොකුගේ කසුන් සම්පත් නැමැති පොලිස් කොස්තාපල් 77290 යන නිලධාරියා වේ.
මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරු එම ප්‍රදේශයේ පදිංචි ලොකුගේ ධර්මසිරි නැමැති අය බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.