පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දක්වා ඇත.

පූර්ණ ආරක්ෂාවක් ඇතිව පාසල් යනන පුලුවන් නිසා පාසල් පසුගිය 6 වැනිදා පාසල් ආරම්භ කරන බව කියපු
අධ්‍යාපන අමාත්‍යංශය ඊට පස්සේ
6 වසර සිට 12 වසර දක්වා පාසල් ආරම්භ කරන බව. ඒ අතරේ අධ්‍යාපන ඇමැති කියනවා සුරක්ෂා රක්ෂණය තියෙනවා පාසල් යන්නලු. මේ පණිවිඩයෙන් පස්සේ මුලු ලංකාවෙම පාසල් පැමිණීමේ ප්‍රතිශතය 4%ක් විතර වුනා. මෙයින් පෙන්නේ ආරක්ෂාව පිළීබද සහතිකයක් මේ රටේ ජනතාවට නැති බවයි.

රුපියල් ලක්ෂයක සුරක්ෂණය දෙන නිසා දෙමව්පියන්ට දරුවෝ පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පරික්ෂණවලට දරුවෝ යවන්නේ නැති බව ඇමැතිතුමා දැනගන්න ඕනේ. මේ ආන්ඩුවේ තියනෙ නොහැකියාව වගේම ආරක්ෂාව ගැන ජනතාව සෑහිමකට පත්වෙන්නේ නැහැ. පාසල් ආරම්භ කරන්න ඕනේ ආරක්ෂාව තහවුරු කරලයි.

 පාසල අවට ඉන්න දරුවෝවත් පාසලට එවන්නේ නැතිව වාහනවලින් දරුවෝ එවයිද? ආරක්ෂාව සහතික කරලා ජන ජිවිතය නැවත නගා සිටුවන්න අවශ්‍යයි.