ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන
පරිදි සකස් කර සිදු විය හැකි
ප‍්‍රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.
සභාපති කිෂූ ගෝමස්  මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එය ඔවුන් නිකුත් කර නැති බවද දන්වා ඇත.
ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා මෙය විශ්වාස කර ප්‍රකාශ නිකුත් කර තිබුණි.