https://www.gossiplankanews.com/2019/05/ishana-ibrahim-story.html
සුගිය 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලියේ පිපුරුණ බෝම්බ තුනක්ම දෙමටගොඩ වාසය කළ පවුලක සාමාජිකයින් විසින් සිදු කර තිබුණි. ඒ කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහිම්ගේ
පුතුන් දෙදෙනෙකු හා ලේලියකි.
 සුළු අපනයන බෝග පිටරට යවා ලංකාවට වැඩිම ආදායම ලබාදෙන්නා ලෙස රාජ්‍ය නායකයින් අතින් දේශකීර්ති සම්මානයට පවා පාත්‍රවූ කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහිම් මේ ආකාරයේ දේශ විරෝධි කටයුත්තකට දායකවීම විමතිදායක සිදුවීමකි.
මෙම ඊබ්‍රහිම් පවුලේ කුළුබඩු ව්‍යාපාරය "ඉශානා ස්පයිස් එක්ස්පෝටර්ස්" නමින් ප්‍රකටය. ඔහු ප්‍රධාන වශයෙන්
පකිස්ථානය, ඉන්දියාව, ඩුබායි , ඇමරිකාව වැනි රටවලට කුළුබඩු අපනයනයේ යෙදෙයි. ගම්මිරිස් , සාදික්කා, වසාවාසී, කරාඹුනැටි, පුවක් , ගොරකා වැනි කුළු බඩු වර්ග ලංකාවේ විවිධ ප්‍රෙද්ශවලින් මිලට ගෙන අපනයනය කරයි.

මෙම මිලට ගැනීම් වලදී බහුලව මහනුවර , මාතලේ, ප්‍රදේශවල සිටින අතරමැදියන්ගෙන් ඒවා ලබාගනියි.
1986 සිට වසර 33කට ආසන්න කාලයක් ගොඩනැගුණ ඔවුන්ගේ මෙම ව්‍යාපාරය තුළ මේ වන විට සිංහල ගම්මාන සමඟ විශ්වාසනීය සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබේ.
ගම්මිරිස් ටික, සාදික්කා ටික කඩාගන්නා ගැමියන් සිංහල මුදලාලි මඟහැර බලාසිටින්නේ තම්බි මුදලාලි පැමිණෙන තුරුය.
මසකට කුළුබඩු කන්ටේනර් බර ගාණක් රට පටවන ඉශානා මුදලාලි ජාත්‍යන්තරයේද සම්මානනීය ව්‍යාපාරිකයෙකු ලෙස නම තබා තිබුණි. 2002 දී ස්විට්සර්ලන්තයේ ජීනීවාහිදී International Star Award ඔහු සතුවිය. 2005 දී ජනපති මහින්ද රාජපක්ෂ අතින් දේශකීර්ති සම්මානය දිනාගන්නටද ඔහු සමත්විය. 2006දී නවදීල්ලියේදී Indian Excellency Award ඔහු දිනාගත්තේය.
2006 තෙක් ලංකාවේ විහාලතම කුළු බඩු අපනයනකරු වූයේ ඔහුය. 2008 දී ජනපති අපනයන සම්මානයද ඔහු සතුවිය.
මුලදී මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි මේ පවුල එම ව්‍යාපාර දියුණුවේ ඉහළට නැගෙත්ම කොළඹට සංක්‍රමණය වූ බව කියැවේ. කොළඹ 12 පරණ මුවර් පටුමගේ ඔහුගේ ඉෂානා ප්‍රධාන අලෙවි සල පිහිටා තිබුණි.
ඔහු දරුවන් 11 දෙනෙකුගේ පියෙකි. පිරිමි දරුවන් 8 දෙනාටත් ගැහැණු දරුවන් 3 දෙනාටත් වෙන වෙනම ගෙවල් සාදාගෙන ඒවා තම නිවස අසළම තනාගතයුතු බව ඔහුගේ අපේක්ෂාව විය. ඒ සඳහා දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ විශාල ඉඩමක් මිලට ගත් ඔහු එහි සැදුවේ නිවසක් නොව සුපිරි නිවාස සංකීර්ණයකි.
මහගෙදර යාබද අනෙක් නිවාස වල දරුවන්ගේ නිවාස තිබේ.

පසුගියදා සතිඅන්ත පුවත්පතක් මගින් ඊබ්‍රාහිම්ගේ කුළුබඩු ව්‍යාපාරය සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර ඔහු හමුවී සිදු කළ සාකච්ඡාවක් පළ කර තිබුණි. එය ලියූ ලේඛකයා පවසා ඇත්තේ
ඊබ්‍රාහීම් මුදලාලිගේ ලාච්චුවේ පන්දහසේ කොළ මිටි ගණන් ඇති බවකි. එම මිටි මිලියන 5 ගොඩවල් වලට වෙන්කර ලේබල් ගසා ඇති බවද වාර්තා කර තිබුණි. ඊබ්‍රාහීම් මුදලාලි රෙඩි කෑෂ් වලින් පමණක් ගනුදෙනු කරන අයෙකු බව එහිදී හඳුන්වාදී ඇත. චෙක්පත් වලින් වැඩ අඩු සාම්ප්‍රදායික බිස්නස් කරුවෙකු විය. ඔහු තීරණය කරන දේ එ් වේලාවේම කරන අයෙකු බව කියැවිණි.

ඊබ්‍රාහිම් ජවිපෙ ක්‍රියාකාරිකයකුද, නැතිනම් අයිඑස්අයිඑස් ක්‍රියාකාරිකයකුදැයි පැහැදිලි නැති නමුත් අතදිගහැර තම මතය වෙනුවෙන් වියදම් කරන්නට ලෝබ නැති බව එහි දක්වා තිබුණි.
පුවත්පත් ලේඛකයා ඔහු

හමුවූ අවස්තාවේදීද ඔහු අසා ඇත්තේ දැන් රටේ වෙන්නේ මොනවද ලෙසිනි. ඔහු මෙරට මුස්ලිම් ජාතිකයන්ගේ පුවත්පතක් වූ ‘විසිවෙල්ලි’ අනිවාර්යයෙන් කියවන බවද පවසා ඇත.දේශපාලනය ගැන ඔහු හොඳ උනන්දුවකින් පසුවූ බව පැවසිණි. ඔහු ජවිපේ ජාතික ලැයිස්තුවේ සිටි අයෙකු බවද පසුගියදා වාර්තාවී තිබුණි.
ඊබ්‍රාහිම් ජීවිතය පටන්ගෙන ඇත්තේ පැදුරේ සිටය. ඔහුගේ මුල් රැකියාව වී ඇත්තේ ඕල්ඩ්මුවර් ස්ට්‍රීට් එකට දුර බැහැරින් ගම්මිරිස්, කරුංකා, කුරුඳු, ගොරකා විකුණා ගැනීමට එන ගොවීන් ආයනකරුවන්ට හඳුන්වා දෙන බ්‍රෝකර් ජොබ් එකකි. එතැනින් පටන්ගත් ඔහු පසුව කුලුබඩු මිලටගැනීමට මහනුවර ගොස් එම අතරමැදියෙකු ලෙස වැඩ කර ඇත. පසුකාලීනව පිටකොටුවේ බෂාර් එකේ කවුරුත් ඔහු හැඳින්වූයේ ලංකාවේ නොම්මර එකේ ගම්මිරිස් එක්ස්පෝටර් ලෙසය.
ඊබ්‍රාහිම්ගේ ඕල්ඩ් මුවර් ස්ට්‍රීට් කාර්යාලයේ දෙතුන්දහසකට කන්නට වියළි ආහාර ද්‍රව්‍ය නිතරම ගොඩගසා තිබුණි. දිගු ගොඩනැගිල්ලක් වූ එහි කෑම කන්නට තිබ්බේ ගොඩනැගිල්ලේ කොනේය. මෙච්චර ආහාර තොගයක් මොකටදැයි  විමසීමේදී ඔහු පැවසුවේ එය සිකුරාදාට පල්ලියට එන දිළිඳු ජනතාවට බෙදා දීමට බවය. සාමසර කන්ද නායගිය විට විපතට පත් ජනතාවට ‘ඊබ්‍රාහිම් හජ්ජියාර්’ ලක්ෂ දහයක වියළි ආහාර බෙදාදුන් බවද වාර්තාවි තිබේ.

අන් අයගේ දුක හඳුනන ව්‍යාපාරිකයෙකුවූ ඊබ්‍රාහීම් දෙතුන් සියයක් මරාදමන මෙවැනි වැඩකට සම්බන්ධවීම එක් අතකින් විමතියට කරුණකි. එසේම ලංකාවේ අපනයනකරුවෙකු ලෙස විදේශයන්ගේද ලංකාවේ නම බැබලවූ ඔහු ඔහුගේ පුතුන් ලවා ලංකාවේ විදේශ ප්‍රතිරූපය බිඳවන ලෙස හෝටල්වලට ප්‍රහාර එල්ල කිරීමද විමතිදායකය.
බොම්බ සිද්ධිය වාර්තාවූ දිනයේ ෂැංග්‍රිලා හෝටලයේ ඊබ්‍රහීම්ගේ බාලපුතු ඉල්හාම් , සහරාන් සමග එක්ව පිපිරීම කර තිබූ අතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ වැඩිමල් පුතු තඹ ව්‍යාපාරික ඉන්සාෆ් පිපිරීම සිදුකරගෙන තිබුණි. ඉල්හාම්ගේ හැඳුනුම්පතක් ඔස්සේ පොලිසියට ලැබුණ තොරතුරු මත දෙමටගොඩ නිවස ගැන මුල්ම සැකය පැනනැගුන අතර එදින එම නිවස පරීක්සා කරද්දී ඊබ්‍රාහීම්ගේ ගැබිණි ලේලියක දරුවන්ද සමග මෙම තවත් පිපුරුමක් කරගත්තේ නිවසේ ඇතුලුවන දොරක් අසළය. මෙම නිවසේ වාසය කල ඊබ්‍රාහිම් ඇතුලු දරුවන් පසුව අත්අඩංගුවට පත්විය.

මේ සියල්ල සිදුවෙද්දී ඔහු  ඒවා නොදැන සිටියේ නැති බව මේ වනවිට සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊබ්‍රාහිම් තම සියලු දේපොළ මේ ප්‍රහාරයට පෙර පවරා තිබේ. ලක්ෂ 450 ක වටිනා වැල්ලම්පිටියේ සමාගමක වත්කම් ඔහු තෑගි ඔප්පුවකින් පවරා තිබුණේ නැසීගිය දරුවන් සිව් දෙනකුටය. කොළඹ පෞද්ගලික සමාගමක වූ ලක්ෂ 100 දේපොළ ඔහු තම සහෝදරයාට පවරා තිබේ. ඔහු පෞද්ගලික සමාගමකට මාතලේ ලක්ෂ 110 ක් ඉඩමක් හා ලක්ෂ 500 ක ඉඩමක් පවරා ඇති බවද දැන් හෙළිදරව් වී ඇත.
පසුගියදා මාවනැල්ලේ බුදුපිලිම කඩා  ගැටලුකාරී තත්වයක් පැනනැගී අවස්ථාවේ ඊබ්‍රාහිම්  පුවත්පතකට මෙසේ පවසා තිබුණි.
'මාවනැල්ලේ සිදුවීම කොළඹ බිස්නස්වලට බලපෑවේ අඩුවෙන්. මගේ පුතා වැරැද්දක් කළත් වැරැද්ද වැරැද්දමයි. ව්‍යාපාරිකයින් වශයෙන් අප හිතන්නේ මුස්ලිම්වරු නොවෙයි. ලාංකිකයින් යන හැඟීමෙන්.
ඔය ලොකු බිස්නස්කාරයෝ කවුරුත් උත්පත්තියෙන් කොටිපති නෙවෙයි. කවුරුත් දුක්මහන්සියෙන් තමයි ඔය තත්ත්වයට ආවේ. ඔතන ජාතිවාදයක් නෑ. තොග වෙළෙඳපොළ තුළ ඕන තරම් සිංහල, දෙමළ, දැවැන්ත ව්‍යාපාරිකයෝ ඉන්නවා. දේශපාලකයන් බලය රැක ගන්න ජාතිවාදය වපුරන නිසා සමහරු විරසක වෙනවා.
දැන් බලන්න මහරගම පිළිකා රෝහලට ලොකුම ගොඩනැගිල්ල දුන්නේ කවුද. අපේ කෙනෙක්. පෙට් ස්කෑන් එක ගේන්න මුල් වුණොත් අපේ කෙනෙක්. අපි ජාතිවාදී නෑ. මේ ඔක්කොම ප්‍රදාන කරන්න ඔවුන් මුදල් සෙව්වේ ව්‍යාපාරවලින්. ඒ සල්ලිවලින් අපි පොදුජනතාවටත් සේවය කරනවා. ' ලෙසිනි.