හලාවත ප්‍රදේශයේ ගැටුමකට මුල්වූ Facebook පොස්ටුව ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංවාදයක් හටගෙන තිබේ.
ඔහු ලියූ

වැකියක් නිසා තරුණ පිරිස් කුපිතවූ බවත් ඒ නිසා ඔහුට පහරදී කඩසාප්පුවටද අලාබහානි සිදු කළ බවත් පසුව ඇඳිරි නීති පැනවීම දක්වා නගරයේ කලබල වැඩිදියුණු වූ බවත් කියැවිණි.
ඔහු ලියූ වැකිය වූයේ
Dont laugh more 1 day u will cry
යන්නය. එහි අර්ථය
වැඩිය සිනහසෙන්න එපා දවසක ඔබට හඬන්නට වෙනවා යන ජීවිතයට ආදර්ශය දෙන පණිවිඩය සහිත ප්‍රකට කියමන ඇසුරින් කියැවුණක් ලෙසත් මෙය ගීත වලට පවා නැගුණ අදහසක් බවත් එක් පාර්ශ්වයක මතයයි.
“One day you will look back on the times you laughed and you will cry" - Anonymous

කෙසේ වෙතත් පොස්ටුව දැක කුපිතවූ පිරිස් පවසා තිබුනේ
 හස්මාර් හමීඩ්  “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” ලෙස දැන්වූ බවයි.
(හෙට 13 සඳුදා කලබල සිදුවන බවට පූර්ව ප්‍රචාරද සිදුව තිබිණි.)
හස්මාර් හමීඩ් ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් ප්‍රචාරය කළ යන වරදට මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුට පිරිස එක්ව පහරදීම නිසා රෝහලට ඇතුළත් කර ඇත.