පාස්කු දා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයකුට අයත් රන් බඩු සොරා ගත්තැයි කියන සිද්ධියට අදාළව අධිකරණ
වෛද්‍ය නිලධාරී
කාර්යාලයේ සුළු සේවකවරයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසනවා.

ඉකුත් 21 වැනි දා කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සුබ්‍රමනියම් කිස්ටෝපර් නැමැත්තාගේ රන්මාලය පොලිස් මෘතශරීරාගාරයේ දී අතුරුදන් වූ බවට කළ පැමිණිල්ලකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.