තායිලන්තයේ මහා වජිරලෝකෝන් රජු සිව්වන වරට විවාහ වූ බවත්, රජු විවාහ වූයේ ඔහුගේ නියෝජ්‍ය ආරක්ෂක නිලධාරිනිය ජනරාල් සුඩා තිජායි සමග බවත් වාර්තා වේ.

කිරුළ හිමිවීමට පෙර, වජිරලෝකෝන්, 2014 වසරේ සිට ඇය සමඟ සමීප ඇසුරක් පවත්වා ඇත. වජිර ලෝකෝන් රජු තෙවරක් විවාහ වී දික්කසාද වූ අයෙකි.
විවාහයෙන් පසු තායිලන්ත රැජින ලෙස ඇය නිල වශයෙන් හඳුන්වනු ඇති බව පැවැසෙයි.

මංගලෝත්සවය ඉතා චාම් අයුරින්, තායිලන්ත රජ පෙළපතේ සම්ප්‍රදායට අනුව පැවැත්විණි.
භූමිබෝල් රජු 2016 වසරේදී අභාවයෙන් පසු මහා වජිරලෝකෝන් තායිලන්ත රජු බවට පත් වූයේ මෑතකය.

භූමිබෝල් රජුගේත් සිරිතින් රැජිනගේත් එකම පුත්‍රයාවීම නිසා ඔහුට කිරුළ හිමිවිය.
වජිර ලෝකෝන් මනාලිය කරගත් සුඩාතියි සිය ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකාවක ලෙස බඳවා ගත්තේ 2014 දීය.  සුජීඩා තිජායි හමුදා ජනරාල්වරියක ලෙස උසස් කළේ 2016 දීය. ඇය "තායි එයාවේස්' ගුවන් සේවිකාවක ලෙස ද රැකියාව කළ තරුණියකි. එසේම හමුදා නිලධාරිනියක ද වෙයි.

 වජිරලෝකෝ පළමු වරට 1977 දීත් දෙවනුව 1994 දීත් තෙවනුව 2001 දීත් විවාහ වී ඇති අතර
විවාහවලින් රජුට පුතුන් දෙනකු සහ දියණීයෝ දෙදෙනෙක් සිටිති.