ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදීන් සහ ත්‍රස්තවාදීන් පිළිබඳව කරුණු දැනගැනීම සඳහා රහස් පොලිස් හා බුද්ධි අංශ නිලධාරින් බන්ධනාගාර රෝහලට ගොස් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුණගැසි තොරතුරු ලබාගෙන තිබේ.
සිරදඩුවමකට යටත් කොට සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මේ වනවිට රෝහල් බන්ධනාගාරයේ ප්‍රතිකාර ලබමින් සිටිති. ශ්‍රී ලංකාවට එල්ල විය හැකි මෙම මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට වසර ගණනකට පෙර සිට දිගින් දිගටම රටට කරුණු හෙළි කළද පාලකයන් එය 'ජාතිවාදය' ඇවිස්සීමක් ලෙස සලකමින් උන්වහන්සේ හෙළි කළ තොරතුරු බැහැර කර දැමිය.

මෙරටට එල්ල වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමි
කී තොරතුරු සත්‍ය බව රටටම අවබෝධ වූ අතර මේ වනවිට බුද්ධි අංශද උන්වහන්සේගේ පිහිට පැතීමට පටන්ගෙන ඇතැයි ‘බොදුබල සේනාං සංවිධානයට’ සම්බන්ධ භික්ෂූහු කියා සිටිති. මේ වනවිට සිරදඩුවමකට යටත්ව සිටින උන්වහන්සේස්ට ජනාධිපති නිදහස ලබාදෙන ලෙසට තෛනිකායික මහ නාහිමිවරු, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පමණක් නොව අන්‍යාගමික නායකයන්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබේ.

අයි.එස්.අයි.එස්. වැනි ලොව මිලේච්ඡතම අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් සමඟ එක් වී ශ්‍රී ලාංකික ජනතාව විනාශ කිරීමට පියවර ගෙන තිබෙන මේ මොහොතෙක්දිවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදීම ජාතියේම යුතුකම යැයි ත්‍රස්ත විරෝධි එකමුතුවේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමි මේ අතර  පැවැසූහ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර රටත්, ජාතියත්, ආගමත් රැක ගන්නට උන් වහන්සේන්ගේ දැනුම හා අවබෝධය මේ මොහොතෙන්දි බුද්ධි අංශවලටත් අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ කියා සිටියහ.

-ශිරාන් රණසිංහ-