යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ යුද හමුදා සාමාජිකයන් 5,900 දෙනෙකු නැවත සේවයට වාර්ත කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කර
සිටියේ නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සේවයට වාර්තා කර ඇති බවයි. සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව අස්වීම්  ලබා ගැනීම සඳහා පොදු සමා කාලයක් පසුගිය අප්‍රේල් 22 වැනිදා සිට ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අදාළ පොදු සමා කාලය මැයි 10 වැනි දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.  මේ වනවිට සේවයට වාර්තා කර ඇති යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකුලව අස්වීම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන අතර මාස 06කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුද හමුදා සාමාජිකයන්ට යළි සේවයේ පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.

-දිනුක මලින්ද හේරත්-