දුම්රිය මාර්ගයේ වාඩිවි මත්පැන් පානය කරමින් සිටි බව කියන අයිය මලෝ දෙදෙනකු කොළඹ සිට බදුල්ල බලා යමින් තිබූ ශීඝ්‍රගාමි තැපැල් දුමිරියේ ගැටිමෙන් අයියා මරණයට පත්වී මල්ලී කෙසේ හෝ දිවි බේරාගෙන ඇතැයි මීරිගම පොලිසිය කියයි.

පෙරේදා (29)

රාත්‍රියේ අඹේපුස්ස ප්‍රදේශයේ දි මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ මීරිගම පොලිස් වසමේ බෝතලේ පහලගම අඩුපේ පදිංචිකරුවකු වූ එම්.පී. සමන්ත පත්මසිරි 37 නමැති දෙදරු පියෙකි

මියගිය අය ඔහුගේ මල්ලී සමග පෙරේදා (29) රාත්‍රී දුම්රිය මාර්ගයට වී සිටින අවස්ථාවේ බදුල්ල බලා යන තැපැල් දුමිරියේ ගැටී අයියා මරණයට පත්වී ඇතැයි ද මල්ලි දුම්රිය මාර්ගයෙන් ඉවතට පනින අවස්ථාවේ ඔහුගේ අතක් දුමිරියේ වැදී තුවාල ලබා ඇතැයි ද හෙළිවී ඇත.

දුම්රිය එන බව ඇසුණු මියගිය අය ඒ බව මල්ලීට කියා ඇති අතර ඒ අනුව මල්ලී දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇතත් අයියා මාර්ගයත් ඉවතට පැන ගැනීමට හැකිවී නැතැයි පරික්ෂණයේදී හෙළිවී  ඇත.   මරණ පරීක්ෂණය ඊයේ (30) සවස වතුපිටිවල මූලික රෝහලදි බෙම්මුල්ල  කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ පැවැත්විමට නියමිතව තිබිණි.