හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පා.ම. දයාසිරි
ජයසේකර (ගේගරි පාර අංක C- 78), පා.ම. දුමින්ද දිසානායක (ස්කෙල්ටන් මාවත අංක E 1), පා.ම. ආර්. සම්පන්දන් (ස්ටැමෝර් චන්ද්‍රවංකය B -12), ලසන්ත අලගියවන්න (විජේරාම මාවත 110-3), රංජිත් සියඹලාපිටිය (විජේරාම මාවත, 110-5), ටී.බී. ඒකනායක (විජේරාම මාවත 110-6),
මහින්ද අමරවිර (ස්ටැමෝර් චන්ද්‍රවංකය B-63), එල්.ඒ.එම්. හිස්බුල්ලා (කැප්පෙටිපොළ මාවත -40), ෆයිසර් මුස්තාපා (කැප්පෙටිපොළ මාවත C-51),ඒ.එච්.එම්. පවුසි (බෞද්ධාලෝක මාවත C-76), එස්.බී. නාවින්න (ග්‍රෙගරි පාර, CD- 89), සුමේධා ජී. ජයසේන (ලෝරිස් පාර 6-2), ඩුලිප් විජේසේකර (ලෝරිස් පාර7-1), දුනේෂ් ගන්කන්ද (ලෝරිස් පාර 8-2) සහ චන්දිම වීරක්කොඩි (විජේරාම මාවත 110-2) යන මන්ත්‍රිවරුද ඒ අතර සිටිති.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් මේ පිළිබඳ විමසා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ තමා පදිංචි අදාළ නිල නිවෙසට මන්ත්‍රි වැටුපෙන් කුලිය ගෙවන බවයි. එය කැබිනට් ඇමැතිවරුන්ට දෙනු ලබන නිල නිවෙසක් නොවන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කරගත හැකි බව කිය. නමුත් ඇතැම් මන්ත්‍රිවරු තාමත් නිවාස ආපසු ලබා නොදී බලහත්කාරයෙන් රැඳී සිටින බව සත්‍යයක් බවත් චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.

-ශිරාන් රණසිංහ-