අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164.00 ක් වනු ඇත.
රුපියල් 104.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි සංශෝධනයක් මෙවර සිදුවී නොමැත.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 136.00 ක් ලෙසයි.
එය රුපියල් 2.00 කින් ඉහළ දැමුණි.
පසුගිය අප්‍රේල් මාසයේ  සිංහල අවුරුදු සමය නිසා ඉන්ධන මල වෙනසක් නොකළ රජය මෙවර එම හිඟයද පියවමින් මිල ගණන් ඉහළ දමා ඇත.