https://www.gossiplankanews.com/2019/05/45-Chelsea-Decaminada-dies-sri-lanka-attack.html
සුගියදා ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බොම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට පත්වූ Chelsea Decaminada නමැති
ඇමරිකානු ජාතික තරුණිය ඊයේ සිංගප්පූරුවේ

ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයකින් දන්වා ඇත.
ඇය මෙම ප්‍රහාරයෙන් මියගිය 45 වැනි විදේශිකයා බවට ඒ අනුව පත්වේ. ඇමරිකාවේ ඩියුක් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය ඇමරිකානු රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සේවය කළාය.

වාණිජ්‍යය හා නීති සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් භාරව කටයුතු කළ ඇය එහි පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුනි. ෂැංග්‍රිලා ප්‍රහාරය නිසා බරපතල තුවාල ලද පිරිස අතර සිටි ඇය එදිනම සිංගප්පූරුව වෙත රැගෙන ගිය නමුත් දින කිහිපයක ප්‍රතිකාර වලින් පසු එම රෝහලේදී ඇයගේ ජීවිතය ගලවාගන්නට බැරිව ගොස් තිබුණි.