සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රි ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික  මුදලක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවීධානයට එක්වීම සදහා සිරියාවට සිය ප්‍රථම ශ්‍රී ලාංකිකයන් ලෙස තොරතුරු අනාවරණය  වන මොහොමඩ් මුහුසිත් ඉෂාක් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් අරුස් මොහොමඩ් සුහයිර් | නමැත්තා විසින් මෙම මුදල් මෙරටට එවා ඇති බවත් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂක දී එම මුදලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබූ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.  මොහොමඩ් මුහුසිත් ඉසාක් අහමඩ් නමැත්තාගේ මවුපියන් ගල්කිස්සේ ශ්‍රීමත් බාරොන්
ජයතිලක මාවතේ නිවෙසට මුදලින් කොටසක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා තම කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොටිඨාසය කියා සිටියේය.

සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිටින තම පුත්‍රයා වන මොහොමඩ් මුහුසිත් ඉසාක් අහමඩගේ දියණියක වන අස්මා  සමග මෙරටට පැමිණෙන තැනැත්තකු විසින් පාර්සලයක් ගෙනවිත් දෙනු ඇති බවට සිරියාවේ සිටින තිදෙනාගෙන් තවත් අයකු වන මොහොමඩ් අරුත් මොහොමඩ් සුහසිර් නමැත්තාගේ 2017 සැප්තැම්බර් මාසයේ දිනක තමාට වට්ස්අප් මගින් දුරකතන ඇමතුමක් ලබා දුන් බව තමා දැනුම් දෙන තුරු එම පාර්සලය සුරක්ෂිතව නිවසේ තබා ගන්නා ලෙස ඔහු ප්‍රකාශ කළ බව ද මොහොමඩ් මුහුසිත් ඉෂාක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවසා තිබිණි. මෙම වට්ස්අප් දුරකතන ඇමතුම ලැබී දින කිහිපයකට පසුව මුහුණ සම්පූර්ණයෙන් වසාගත් මුස්ලිම් කාත්තාවක් තම නිවසට පැමීණ සිරියාවේ අසිඅයිඑස්. සංවිධානයේ සිටින මොහොමඩ් අරුෂ් මොහොමඩ් සුහයිර්ට දෙන ලෙස පවසා පාර්සලයක් තම දියණියට ලබා දුන් බවත් තම දියණිය එය පරික්ෂා නොකොට නිදන කාමරයේ අල්මාරියේ තැබු බවත් පැමිණිලිකරු සදහන් කර තිබිණි.

 ඉත්පසු තවත් දින හතකට පමණ පසුව සම්පුර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත්  පුද්ගලයකු තම නිවසට පැමිණ මොහොමඩ්  අරුෂ් මොහොමඩ් සුහයිර්ට දෙන ලෙස පවසා තවත් පාර්සලයක් ලබා දුන් බවත් එයද අනෙක් පාර්සලය තැබූ ස්ථානයේම තැබූ බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.  පසුව මොහොමඩ් අරුස් මොහොමඩ් සුහයිර් නමැත්තා තමාට දුරකතන ඇමතුමක් ලබා දී එම පාර්සල්වල ඇති මුදල් ඇමරිකානු ඩොලර්වලට මාරුකර තමා දැනුම් දෙන තුරු නිවසේ ආරක්ෂිතව තබා ගන්නා ලෙස ප්‍රකාශ කළ බව ද පසුව තමා එම පාසල් දෙකේ ඇති මුදල් පරික්‍ෂකා කිරිමේ දී එහි රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් තිබූ බව ද එම මුදල් වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරනු ලබන ස්ථාන තුනකට ගෙනගොස් ඇමෙරිකානු ඩොලර්වලට මාරුකර නිවසේ නිදන කාමරයේ අල්මාරියේ සුරක්‍ෂිතව තැබූ බව ද පැමිණිළිකරු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ තැනැත්තාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාල මුදල් බාරයට ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම ඇමරීකානු ඩොලර් 23,500 මුදල නීත්‍යනුකූල මුදල් නෝට්ටුදැයි යන්න පරික්ෂා කර බැලීමට මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම මුදල් නීත්‍යනුකූල ඇමෙරිකානු ඩොලර් නෝට්ටුදැයි යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මහ බැංකුවේ මූල්‍ය කළමනාකරුට නියෝගයක් නිකුත් කළේය.