පසුගියදා මිනුවන්ගොඩ පැවති නොසන්සුන් වාතාවරණය අතරතුර පිවිතුරු හෙළ උරුමයේ උප නායක
මධුමාදව අරවින්ද සම්බන්ධ

වීඩීයෝවක් සමාජ ජාලවල සංසරණය වීමෙන් පසු ඔහු මෙම ගැටුමට පිටුබල සැපයීමේ සැකයට අද මිනුවන්ගොඩ පොලිසියට කැඳවා තිබුණි.
 ඔහු එහි පැමිණෙමින් සිටි අතරවාරයේ මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර ඇත. තමාට පාරේදී ඇඟිලි දික් කරමින් තමා රට ගිනි තබන බවට නිකරුණේ චෝදනා කරන බවත්, ඉවසීමෙන් සිටි බවත් ඔහු කියා ඇත.
කෙසේවෙතත් පැය තුනකට ආසන්න කාලයක් පොලිස් ස්ථානය තුල රැඳී සිටියද ස්ථානාධිපතිවරයා කාර්යබහුලවූ නිසා ඔහුට හෙට පැමිණෙන්නැයි දන්වා තිබේ. පැය තුනක් බලා සිටි මධුමාධව කටඋත්තරය ලබා දෙන්නට හෙට උදේ 9 ට පැමිණෙන අටියෙන් පිටව ගොස් ිතබේ.