මෙරට දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර 30කට පසු බහලුම් ගැල්
(Container Corrier Wagan) දහයක් (10) MIKE PANIMA නෙකාවෙන් ඊයේ (16දා) ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබිණි. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති 25ක් වූ බහලුම් ප්‍රවාහන ගැල් ඇණිය වැඩි කර
ගැනීම සඳහා පළමු අදියර
යටතේ අඩි 40 බහලුම් ප්‍රවාහනය කළ හැකි මෙම ගැල් ආනයනය කළ අතර එම ගැලක වටිනාකම ඇ.ඩො. 84,200ක් (රුපියල් මිලියන 15ක් වෙයි.  මෙම ගැල් සමඟ ඉන්ධන ප්‍රවාහන ගැල් 05ක්ද ආනයනය කළ අතර මෙම සියලුම් ගැල් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ - ආනයනය කෙරේ.

ආනයනය කිරීමට අපේක්ෂිත මුළු ඉන්ධන ප්‍රවාහන ගැල් සංඛාව 30කි. ඇ.ඩො. 85,500ක් වටිනා මෙම ගැලක ප්‍රවාහනය කළ හැකි ඉන්ධන ප්‍රමාණය ලීටර් 45,000කි. මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහනයෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බැවින් දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ.  එය මහජන උපයෝගි සේවාවක් මිස ලාභ ලබන ව්‍යපාරයක්  නෝවන බැවින් රටට බරක් නොවී දුම්රිය සේවාව පවත්වාගෙන යෑම පිණිස ආදායම් ලැබෙන මාර්ගවල වර්ධනයක් කිරීම සඳහා දියත් කරන සැලැස්මේ එක් පියවරක් ලෙස ප්‍රවාහන ගැල් ඇණිය වැඩිදියුණු කිරීමට පියවර ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉන්ධන ඇතුළු භාණ්ඩ ප්‍රවාහනයෙන් වාර්ෂිකව උපයන ආදායම සියයට 2කි. ඉන්ධන ප්‍රවාහනයෙන් දෙපාර්තමේන්තෝව උපයන ආදායම් සියයට 22කි.