මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ   කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ   සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම  තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි.


මෙම සැකකටයුතු පාර්සලය
සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත   සිදුකළ සෝදියේ දී මේවා සොයාගෙන තිබුණි.

 මෙම පාර්සලේ    නවීනතම  පිහි 16 ක් තිබු බවත් ඒවා   ආවරණ සමග තිබු බවද පොලිසිය සදහන් කරයි.

 මෙම පිහි යුද හමුදා කමාන්ඩෝ සහ විශේෂ බලකා සාමාජිකයන් භාවිතා කරන පිහි වලට වඩා නවීන  වර්ගයේ පිහි බවත්  මේවා   විදේශයකින්  මෑතක දී  ගෙන්වා ඇති බවට පොලිසිය සැකකරයි.

 මේ දිනවල   ප‍්‍රදේශයේ සිදුකරන සෝදිසි මෙහෙයුම්  හේතුවෙන් කිසිවකු  මේවා මෙම ස්ථානයට ගෙනවිත්  දමා ඇති බවද  පොලිසිය පවසයි.

මරදාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  සරත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

(ඉන්දිකා රාමනායක)