පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ
මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන
මැතිතුමා හමු විය. ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.
 ජනාධිපතිතුමා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.