මීලග මැතිවරණයට තමන් ඇතුළු පිරිසක් තරග කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පෙරමුණකින්
බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජතමුනි
සොයිසා මහතා පවසයි.

ඒ සදහා තමන් ඇතුලු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් කණ්ඩායමක් ලෙස එක්වන බවද ඔහු සදහන් කලේය.

මෙම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය හැකි යයිද ඔහු පැවසීය.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් විජිත් විජතමුනි මෙම අදහස් පළ කර තිබුණි.