ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව තවත් පුද්ගලයින් දෙදෙනෙක් අද (2) අළුයම 4.55 ට UL 226 දරන
ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය දැනුම් දේ.
එම දෙදෙනාගේ විස්තර පහත පරිදි වේ.
01. මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් වයස
අවුරුදු 48 අංක 247/17, මිරානියා වීදිය, කොළඹ 12
02. වීරසිංහගේ ලංකා රජිත පෙරේරා වයස අවුරුදු 40 සන්රේ ගාර්ඩ්න්, කපුගොඩ, කඹුරුපිටිය
ඔවුන් කටුනායක ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.