ෂැංග්‍රිලා හෝටලන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අයගේ බිරියගේ පියාට අයත් වත්තක සිටි කාන්තාවක් සහ පිරිමි අයකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මුදාහැරීමට
මුන්දලම පොලිසිය කටයුතු කර ඇත. පසුගිය 25දා යුද හමුදාවේද සහාය ඇතිව මුන්දලම පොලීසියේ නිලධාරීන් අදාළ ඉඩම් පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලීය - කරිකට්ටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 24කින් යුක්ත ඉඩම
ෂැංග්‍රිලා හෝලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අයගේ බිරියන්ගේ පියාට අයත් එකක් බවට පොලිසියට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව අදාළ සෝදිසි කිරීම කර ඇත. ඉඩමේ තිබී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට ආරක්ෂක අංශ නිලධාරීන්ට හැකියාව ලැබී නැත. එම ඉඩමේ කළමනාකරු ලෙස සේවය කරමින් සිටි පුත්තලම කේ කේ. වීදියේ පදිංචිකරුවකු සහ එහි රැදී සිටි නොච්චියාගම, ඉහළගම පදිංචි කාන්තාවක් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කර ඇත. මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

-සමන්ප්‍රිය ජයශාන්ත-