පාතාල නායක මදුෂ් ගේ සාදයකදී අත්අඩංගුවට පත්ව ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත
බන්ධනාගාර ගත කළ

රංගන ශිල්පී රයන් වෑන් රෝවන් අද(25) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඔහු පසුගිය 4 වනදා කටුනායකදී අත්අඩංගුවට පත්වීමෙන් පසු රැගෙන යද්දී මාධ්‍ය කැමරා මාධ්‍යවේදීන්ට දන්වා සිටියේ 'ඇත්ත වෙන දෙයක්.. මං ඕගොල්ලන්ට ඇත්ත කියන්න වෙනම මාධ්‍ය හමුවක් මේ සතියෙම දානවා.. ඒකෙදි කතාකරමු' ලෙසිනි.
නමුත් ඔහු 11 වනදා අධිකරනයට ඉදිරිපත් කළ පසු 25 (අද) දක්වාත් අද ඉදිරිපත් කළ පසු ලබන 2 දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහුගේ මාධ්‍ය හමු අවස්ථාව දීර්ඝ විය.