පොලිස් නිලධාරීයෙක් ලෙස පෙනී සිටිමින් රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළේ මගීන්ගේ බෑග් පරීක්ෂා කරමින් කටඋත්තර ගැනීමට පවසා කාත්තාවක් පිටතට රැගෙන යාමට තැත් කළ අයෙක් බස් නැවතුම්පොළේ
පිහිටි පොලිස් මුරපොළේ
නිලධාරීන් විසින් අත්අඩංගුචට ගෙන ඇත. මෙම පුද්ගලයා බස්නැවතුමේ නවතා තිබූ බස් රථවලට නැග මගීගේ බෑග් පරීක්ෂා කර ඇත්තේ පොලිස් නිලධාරියකු බව  පවසමිනි. සැමියා පැමිණෙන තෙක් සිටි කාන්තාවක් අසලට ඔහු ගොස් ඇය පරීක්ෂා කර ඇයගේ ජාතික හැදුනුම්පතේද ඡායාරූපයක් ගෙන ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි.

පසුව මොහු ඇය සැක බව පවසා කටඋත්තරයක් ගැනීමට පොලිසියට යාමට පැමිණෙන ලෙසට දන්වා ඇත. ඇය ඒ අවස්ථාවේ පවසා ඇත්තේ තමා සිටින්නේ තම ස්වාමිපුරුෂයා පැමිණෙන තෙක් බවයි. ඔහු ආපසු ආහැකි බවද ඇය පවසා ඇත. මෙම පුද්ගලයා එම කාන්තාව බලහත්කාරයක් කඳවාගෙන යාමට කටයුතු කර ඇත්තේ මහත්තයා එන තෙක් සිටිය නොහැකි බව පවසමිනි. එම සිද්ධිය දෙස විපරමින් බලා සිටි පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදෙනා වහාම එම ස්ථානයට ගොස් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

ඒ අවස්ථාවේ, හෙළි වී ඇත්තේ ඔහු හොරා පොලිස් නිලධාරියකු බවයි.  ඒ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසිය වෙත රැගෙන ගොස් පැය දෙකක් ප්‍රශ්න කර පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ ඉදිරී දිනයකදී රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමිනි. සැකකරු කහවත්ත පදිංචි වයස 34ක අයෙකි.

-කේ.එස්.පියතිලක-