අන්තවාදි ඉස්ලාම් මූලධර්ම ලංකාවේ ස්ථාපිත කිරීමේ පියා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (30) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ශරියා නීතිය මේ රටේ ගැසට් කරලා තියනවා. ඒ නීතිය යටතේ සංවිධාන ලියාපදිංචි කරලා තියනවා 2013 මැයි මාසේ 13 වෙනිදා. දැන් මේවා කරන්නේ එක එක මන්ත්‍රිවරු මාර්ගයෙන්.
සමහර විට මෙතන ඉදිවෙන්නේ ශරියා විද්‍යාලයක් කියලා ඒ මන්ත්‍රිවරු දන්නේ නැතුව ඇති. 2017 දයාන් ජයතිලක මේ ගැන කතා කරනවා. ඔහු කියන්නේ ලංකාවේ ඉස්ලාමීය අන්තවාදය වපුරන්න ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ හා ඊශ්‍රායෙල් රජය කියලයි.

ඒ වගේම ලංකාවේ බොදු බල සේනා ක්‍රියාත්මක කිරීමට අනුබලය දුන්නේත් ගෝඨාභය කියලා දයාන් කියනවා. 2013 අප්‍රේල් මාසයේ 13 වෙනිදා ගැසට් කරපු ගැසට් එකේ දෙවන කොටසේ තමයි ශරියා නීතිය ගැසට් කළේ. මේ රටේ පල්ලි 200ක් හදලා තියනවා මේ ශරියා නීතිය යටතේ. ඒ ඔක්කෝම පල්ලි හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ කාලේ.

හැබැයි අපේ කාලයේ එකම පල්ලියවත් නීතිගත කරලා නෑ. මතක තියා ගන්න. 2015 පස්සේ එකම ශරියා පල්ලියවත් මේ රටේ ලියාපදිංචි කරලා නෑ. ගෝඨා කියනවා අන්තවාදි මුස්ලිම් පාලනය කරන්න එයා ජනාධිපතිවරණයට එනවා කියලා. බාගවෙලාවට කතා කරගෙනම අයින් කරගන්නවාද දන්නේ නෑ. මෙයා බිහිකරපු ඒවනේ. මේ රටේ මුස්ලිම් අන්තවාදයේ පියා ගෝඨා. බොදු බල සේනාවෙත් පියා එයා. එයා කතා කරනවා දැන් දරුවෝ පාලනය කරන හැටි. සමහර විට කරන්න පුළුවන් වෙයි. ඇයි ඉතින් එයාගේ දරුවොනේ ඒ ” අමාත්‍යවරයා පවසා සිටියා.