https://www.gossiplankanews.com/2019/04/cctv-the-final-hours-of-a-sri-lanka-bomber.html
සුගියදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සිය ප්‍රහාරය සඳහා සූදානම් වන්නේ මුස්ලිම් දේවස්ථානයක සිට බවට සීසීටීවී සාක්ෂි හමුවී තිබේ.
 එහි සඳහන් වන ආකාරයට එදින අළුයම 3.18ට පමණ
ත්‍රීරෝද රථයකින් මඩකලපුවේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වෙත බෝම්බ සහිත බැගයද එල්ලාගෙන පැමිණ ඇති සැකකරු පැය දෙහමාරක් පැමිණ රැඳී සිට දේවස්ථානය අරින තුරු ඔබමොබ ඇවිදිමින් සිටී.
ඔහු එහි සිටි අවස්තාවේ අළුයම 4.42ට පමණ  එම ස්ථානයට පොලිස් පැට්‍රොල් රථයක් පැමිණ විදුලි එළි ගසා

පරීක්ෂාවක් කළද ඔහු හසු නොවේ.

5.41ට දේවස්ථානය තුළ සිටින පුද්ගලයෙකු පැමිණ ප්‍රධාන ගේට්ටුව විවිර කළ පසු දේවස්ථාන තුළට පිවිසෙන ඔහු දේවස්ථානයේ සිටින බැතිමතුන් පිරිසක් සමග ආගමික වතාවත්වල නිරතවන අයුරුද දක්නට තිබේ.
අනතුරුව තවත් තැනකදී තනිව යාඥාවේ නිරතවේ.
පෙරවරු 8.12ට පමණ දේවස්ථානයෙන් පිටව යන ආකාරය හා නැවත පෙරවරු 8.52ට පමණ පමණ දේවස්ථානය වෙත පැමිණ හැඳ සිටි ටීෂර්ටයද මාරුකර බොම්බය පුපුරුවාගන්නා අවස්තාවේ හැඳ සිටි තැඹිලි ටීෂර්ටය ඇඳගන්නා ආකාරයද හඳුනාගන්නට ලැබේ.

පෙරවරු 9.34ට දේවස්ථාන භූමියෙන් පිටතට පැමිනෙන අතර පසුව ගමන් කරන්නේ සියෝන් දේවස්ථානය වෙතය.ස්කයි නිවුස් විදේශ නාලිකාව මගින් මෙම තොරතුරු අද වාර්තා කර තිබූ අයුරු වීඩියෝව පහතින්