ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්විම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි
සැකකරුවෙකු එම සංවිධානයේ
නායක සහරාන්ගේ ඡායාරුපයක්ද අරාබි බසින් ලියන ලද පොත්පත් ද සමග අද (30) ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පදිංචිව සිට දැනට ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශවලට මොහු පිළිබඳ තොරතුරු ලැබි තිබිම හේතුවෙනි .

අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු පැමිණි යතුරු පැදියේ තිබි තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් නමැත්තාගේ ඡායාරුපයක් ඇතුලු අරාබි බසින් ලියන ලද පොත්පත් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

ෆර්හාන් නිසම්දින්